Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

මානව හිමිකම් සැසිය අමතන්න : පෙරටුගාමී බෝපගේ ජිනීවා යයි !

ජීනිවාහි මානව හිමිකම් සැසිවාරය ඇමතීම සඳහා නීතිඥ නුවන් බෝපගේ අද(10) ජිනීවා නුවර බලා පිටත්ව ගොස් ඇත .

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනය කරන ආකාරයට , වසර ගණනාවක් සිය සංගමයේ නීතිමය කටයුතුවලට හා ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී මැදිහත්වීමත් නිසා නුවන් බෝපගේට ජිනීවා සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් ලැබී ඇත.

එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට එල්ල වී ඇති මර්දනය පිළිබඳව ඔහු ජාත්‍යන්තරය දැනුවත් කරනු ඇති බවත් පැවසෙයි .

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය එළඹෙන 12 වෙනිදා සිට ඔක්තෝම්බර් 07 වෙනිදා දක්වා පැවැත්වෙයි.