ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 113 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් අද (5) පැවසීය.
මෙම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 45 කින්ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 21කින් ද, අඩු කළ බවත් නව මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් සභාපතිවරයා පැවසීය .
මෙම නව මිල සංශෝධනය සමග රුපියල් 4664 ක් පැවති කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4551 ක් දක්වා පහත වැටුණි.
රුපියල් 1872 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1827 ක් දක්වාද, රුපියල් 869 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 848 ක් දක්වා ද, මිල පහත දමා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
