විපක්ෂයට ගිය 13 නේ රෙදි ටිකෙන් : බුකියේ මහජන ප්‍රදර්ශනයක් !

විපක්ෂයට ගිය 13 නේ රෙදි ටිකෙන් : බුකියේ  මහජන ප්‍රදර්ශනයක් !

පොහොට්ටුවේ 13ක් කඩාගෙන ගියපු එකට පොහොට්ටු නඩේ ගේම අතෑරලා නෑ.

දැඩි බැසිල්වාදියෙකු වෙච්ච, මහින්ද පතිරණ පුවත්පත් මණ්ඩල සභාපති තුමා, එයාගේ ෆේස්බුක් එකේ දාල තියන පෝස්ට් එකක තියන්නේ මෙහෙම..

" වැඩ බැරි ජී එල් සහ ඩලස් ඇතුළු පිරිසක් ගෝඨාභය ෆේල් කළ වියත්මග මානසිකත්වය සහිත තවත් කීප දෙනෙක් එක්ක පාර්ලිමේන්තුවෙ ස්වාධීන වෙලාලු. සියතින් ගෙල සිඳ ගන්නව කියන්නෙ මේවට.

චන්න ගැන නම් දුකයි. පාර්ලිමේන්තුවට ආපු නවකයෙක් විදියට කැබිනට් ඇමතිකමකුත් ලැබුණා. මම හොඳට ම දන්නවා ඒක නිර්දේශ කළේ පක්ෂය කියල.

චරිත ගැන දුක නැහැ තරහයි. කුරුණෑගලින් නාමයෝජනා ලැයිස්තුවට එන්න බැරිව හිටිය චරිතවත් දන්නෙ නැහැ, ඔහුට ජාතික ලැයිස්තුව දෙන්න මම පුද්ගලික ව කරපු කැපකිරීම. අදත් පක්ෂයේ ලියවිලිවල තියෙන්නෙ මගෙ නිර්දේශය මත දුන්න කියල. එහෙම කරනකොට මම හිතුවේ පක්ෂයේ බුද්ධිමය තලය නියෝජනය කරමින් වැඩක් කරයි කියල.

ඒත් ඔහුට ආපු දවසේ ඉඳල හැකි ඉක්මනින් තනතුරු ඕන වුනා. තමන් ආවේ ඇයි කියල අමතක වුනා. අපි ජාතික ලැයිස්තුවට උගතුන් දැම්මේ පක්ෂයේ මතවාදය හදන්න මිසක් තනතුරු අරගෙන විනාශ වෙන්න නෙමෙයි.

දැන් මේ පිරිස එක්පයර්ඩ්. මේ කණ්ඩායම අවසන් වරට දේශපාලනිකව විනාශ වුනේ දිරපු ළනු මෝල් පිටින් කාලා ඩලස් ජනාධිපති කරන්න ගිහිං. එදා විමල්, ගම්මන්පිල, සජිත් පිළ හා දෙමළ ජාතික සංධානය එක්ක එකතු වෙලා සිඟිත ආතල් එකක් ගත්තා. දේශපාලනය හැසිරෙන්⁣නෙ කොහොමද කියල තඹ දොයිතුවක ප්‍රායෝගික දැනුමක් නැහැ. තොර තෝංචියක් නැතුව කියවනව හැර රටට වැඩක් කරනව තියා හිතන්නනත් බැහැ. ලංකාවේ බොහෝ උගතුන්ගේ ස්වභාවය ඕක.'' ඔන්න ඔහොම තමයි මහින්ද පතිරණ දීලා ඇදලා තියෙන්නේ ..

බැසිල්ගේ උපදේශකතුමා එහෙම ගහද්දී, , හිටපු ජනාධිපති ගෝඨා ගේ උපදේශක, එරන්ද ගිනිගේ නිකන් ඉඳලා නැහැ.. එරන්ද කියල තියන්නේ මේ විදියට.

''නාලක, චන්න, චරිත වැන්නවුන්, තමන් ගැන අධිතක්සේරුවෙන් ඉන්නා මිනිසුන්ය. ඔවුන් සිතන්නේ ඔවුන්ගේ උගත්කම වැනි සුදුසුකම් නිසා , ඔවුන්ට විශේෂ වරප්‍රසාද හිමි විය යුතු බවයි. එය එන්ටයිටල්මන්ට් මානසිකත්වයයි.

ඔවුන් වැඩ කරන්නේ, ඔවුන්ගේ පුද්ගලික ජීවිතයේ ඉලක්ක සපුරා ගැනීමට මිස, ජනතාව වෙනුවෙන් සේවය කිරීමට නොවේ. ඔවුන්ගේ ජීවිත අතෘප්තිකරය. ඒ නිසා ඔවුන්ට ඉවසීම නැත.

ඔවුන්ගේ පුද්ගලික ජයග්‍රහණ වෙනුවෙන්, ඕනෑම දෙයක් කිරීමට ඔවුන් පෙළඹේ. එවැනි අය සමග සාමූහිකව ගමනක් යෑම අපහසුය. අභියෝගයක් පැමිණි වහාම කණ්ඩායමේ අන් අය පාවා දී, සතුරාට එකතු වී ගොඩ යෑමට උත්සාහ කරයි. එවැනි ආත්මාර්ථකාමී අයගෙන් මිදීම මංගල කාරණයකි.'' ඔන්න ඔහොම කියන එරන්ද එයාගේ සටහන අවසන් කරන්නේ ධර්මය අපට මග වේවා!'' කියා ගෙන ..

පේනවා නේද , බැසිල්ගේ කට්ටියටයි, ගෝඨා ගේ කට්ටියටයි රිදිලා තියන රිදිල්ල..වැඩේ කියන්නේ නාමල්වත් එයාගේ යාලු මන්ත්‍රීලවත් හ්ම් නෑ .

-දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න