ජනාධිපති රනිල් IMF නියෝජිතයන්ට කියපු දේ !

ජනාධිපති රනිල් IMF නියෝජිතයන්ට කියපු දේ !

ණය අර්බුදයෙන් රට මුදා ගැනීම හා සමානවම සියලු ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් පහත නොවැටීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.

විස්තීර්ණ ණය පහසුකමක් (EFF) ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණි බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශ ප්‍රධානී, පීටර් බ්රියුවර් (Peter Breuer) මෙම සාකච්ඡාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මෙම ණය පහසුකම මාස 48ක ගිවිසුමකට යටත්ව ලබාදීමට නියමිතය.

“මේ තමයි අපි පළමු වතාවට රට බංකොළොත් බවට ප්‍රකාශ කරපු අවස්ථාව. බංකොළොත්බවින් ගොඩඒම සහ ණය අර්බුදයෙන් රට මුදා ගැනීම වගේම, සියලු සමාජ කොටස්වල ආර්ථික හා සමාජ ජීවන රටාව තවදුරටත් පහත වැටීම වළක්වාලීම මධ්‍යකාලීනව වැදගත්. ආරම්භය අපහසු වේවි. එහෙත් ඒක ඉතා වැදගත් වගේම ඉදිරියට යාමේදී අපට වර්ධනයක් ළගාකරගත හැකියි. අපේ රටේ ඉතිහාසයේ මේක වැදගත් පියවරක්. අපි කැපවෙන්නේ අපිට ලබාදී තිබෙන ඉලක්ක සපුරාගැනීම සඳහා පමණක් නොවේ. අපි එම ඉලක්ක පසුකරගෙන ඉදිරියට යා යුතුයි. මම ජාතියෙන් ඉල්ලා සිටිනවා අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අපි අපේ අදහස් වෙනස් කරගමු. එමගින් සමාජ සුබසාධන වැඩකටයුතු පවත්වාගෙන යාම වඩාත් පහසු වේවි.”
අපේකම රැකගත් ආර්ථිකයක් එදා අපේ රටේ තිබුණා. “ජාතියක් සහ පුද්ගලයෙක් වශයෙන් ණය බරින් නිදහස් විය යුතුයි” යන්න බුදු දහමටත් එකඟයි. දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රතිපත්තිය වුයේ ද එයයි. එය අනුගමනය කිරීමට එතුමා කැපවුණා.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීම, ණය තිරසර බව ප්‍රතිෂ්ඨාපනය, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම ආරක්ෂා කිරිම සහ දූෂණය පිටුදැකීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරා ගමන් කිරීම තුළින් ශ්‍රී ලංකාවට දියුණු විය හැකි අවස්ථාව ළගා කර ගැනීම මෙම ණය පහසුකමේ අරමුණ වේ.

• මූල්‍ය විනිවිදභාවය හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩි දියුණු කිරීම තුළින් දූෂණය අවම කිරීම, රාජ්‍ය පාලනය ගැඹුරු ලෙස විනිශ්චය කරමින් ශක්තිමත් දූෂණ විරෝධී නීති රාමුවක් හඳුන්වා දීම

• සමාජ සුබ සාධනය සඳහා වන වියදම් ඉහළ නැංවීම මගින් දුප්පත් සහ අවදානමට ලක්වූ කණ්ඩායම් මත ඇතිව තිබෙන වත්මන් අර්බුදයේ බලපෑම අවම කිරීම. සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන්වල ආවරණය වැඩිදියුණු කිරීම සහ ප්‍රතිලාභීන් නිවැරදි ලෙස හඳුනා ගැනීම

 • රාජ්‍ය මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ආදායම් ඉහළ නැංවීම, පුද්ගලික ආදායම් බදු වඩා වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම, ආයතනික ආදායම් බදු සහ වැට් බද්දට අදාළ පරාසය පුළුල් කිරීම, මෙම බදු ප්‍රතිසංස්කරණ තුළින් 2024 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක ප්‍රාථමික අතිරික්තයක් කරා ළඟාවීම. 

• රාජ්‍ය සතු ව්‍යවසායයෙහි වැඩි වන මූල්‍ය අවදානම අවම කිරීම සඳහා පිරිවැය ප්‍රතිපූර්ණය කළ හැකි මිල යාන්ත්‍රණයක් ඉන්ධන සහ විදුලි බලය‍ සඳහා හඳුන්වා දීම.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න