ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි පිළිගත් ගෝලීය මානුෂීය ආයතනයක් වන ‘හාර්ට් ටු හාර්ට්’ අන්තර්ජාතික සංවිධානය විසින් මෙරිකානු ඩොලර් 8,222,898.78 ක් (රුපියල් බිලියන තුනක් පමණ) වටිනා හදිසි වෛද්‍ය ආධාර පරිත්‍යාගයක් ශ්‍රී ලංකාව වෙත එවීමට රජයේ අනුමැතිය ලබාගෙන ඇත .
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒකාබද්ධව මෙම වෛද්‍යාධාර තොගය ඉතා ඉක්මනින් ගුවන්ගත කිරීමට මේ සතියේ සිට පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි .
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පළමු පරිත්‍යාගය පරිදිම එහි සියලු වියදම් ‘හාර්ට් ටු හාර්ට්’ අන්තර්ජාතික සංවිධානය විසින් දරනු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලාංකීය ජනතාව අතර නොමිලේ බෙදාහැරීම සදහා මෙම වෛද්‍ය සැපයුම් තොගය භාරගනු ඇත.
පසුගිය මාසයේදී ද අමෙරිකානු ඩොලර් 908,547ක් (රු. 326,077,518.30) වටිනා පළමු වෛද්‍ය සැපයුම් තොගය ශ්‍රී ලංකාව වෙත පිරිනමන ලදී.
එය සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් බෙදාහැරීමේ කටයුතු සදහා පසුගිය ජුලි මස 13 වන දින භාරගන්නා ලදී.
මෙම හදිසි ආධාර ලබාගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයමින්, ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහගේ මගපෙන්වීම යටතේ මෙම වෛද්‍ය සැපයුම් තොගයෙහි, ලංකාවේ දැනට හිඟව පවතින අත්‍යාවශ්‍ය වේදනා නාශක, ඇමොක්සිලින්, පොටෑසියම් ක්ලොරයිඩ්, පෙනිසිලින් සහ වෙන්ලෆෙක්සින් වැනි ප්‍රතිජීවක ඖෂධ අඩංගුව ඇත.
මේ දක්වා හාර්ට් ටු හාර්ට් අන්තර්ජාතික සංවිධානය විසින් ඇ.ඩො. 9,131,445.78ක් (රු. 3,378,366.31ක්) වටිනා හදිසි වෛද්‍ය ආධාර ශ්‍රී ලංකාව වෙත පිරිනමා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
