බ්‍රිතාන්‍ය සහ නෝර්වේ : ලංකාවට පනවා තිබූ සංචාරක උපදේශන ලිහිල් කරයි !

බ්‍රිතාන්‍ය සහ නෝර්වේ : ලංකාවට පනවා තිබූ සංචාරක උපදේශන ලිහිල් කරයි !

ලංකාවේ සංචාරය කිරීමේදී බ්‍රිතාන්‍ය හා නෝර්වේ රාජ්‍ය පනවා තිබූ සංචාරක උපදේශන ලිහිල් කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මෙරට ක්‍රියාත්මක හදිසි නීතිය හෙට (27) සිට ඉවත් කිරීමත් සමග ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක උපදේශනය ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන ඇත.

එසේ වුවත් මෙරට සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයන්ට එරට රජය දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නිර්මාණය වී ඇති බවයි.

නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය නොවන සියලුම සංචාරවලට එරෙහිව උපදෙස් දුන් සංචාරක උපදේශනය අවලංගු කර තිබේ.

එහෙත් ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන නෝර්වේජියානු ජාතිකයින්ට අවශ්‍ය ඖෂධ රැගෙන ඒමට දිරිගන්වනු ලබන අතර ඔවුන් රැඳී සිටින කාලය තුළ හෝටල් සහ ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීමට වග බලා ගන්නා ලෙසත් නෝර්වේජියානු රජය විසින් එරට වැසියන්ට උපදෙස් දී ඇත .

රටේ ප්‍රදේශ කිහිපයක ප්‍රචණ්ඩකාරී පෙළපාලි, ඇඳිරි නීතිය සහ හදිසි නීතියේ ප්‍රතිඵලයක් ලෙස මෙම සංචාරක උපදේශනය මැයි 11 වන දින සිට හඳුන්වා දී තිබුණි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න