ඉදිරි සතියේ සිට අර්තාපල්, තේ සහ බඩඉරිඟු වගා කරන ගොවීන්ට රසායනික පොහොර නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර සඳහන් කළේ, ඉදිරි මහ කන්නය සඳහා පොහොර ආනයනය කිරීමට මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති බවයි.
මේ අතර ඉතාම වැරදි සහගත තීන්දුවක් වූ 100%කාබනික වගාව සහ රසායනික පොහොර තහනම හේතුවෙන් උද්ගතව ඇති අස්වනු අඩුවීම සහ ආහාර අහේනිය වලක්වා ගැනීමට මහ කන්නය සාර්ථක කරගැනීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙයි .
ඒ වෙනුවෙන් රසායනික පොහොර ආනයනය සහ සැපයුම විධිමත් ලෙස සිදුකිරීමට බලධාරීන් දැනුවත් කිරීමට ආණ්ඩුව ක්‍රියාකර ඇති බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
