රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්‍රශ්නය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.
පසුගිය මාසයේ නව වෙනිදා කොළඹට මෙපමණ විශාල ජන ගඟක් ඒවි යයි කිසිවකුත් බලාපොරොත්තු නොවූ බවත් ලබන නව වෙනිදාද ජනතාව එසේම කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ ප්‍රශ්නයේදී රටේ සියලුම ජනතාව එකාවන්ව එකතු විය යුතු බව පැවසූ ෆොන්සේකා මන්ත්‍රීවරයා ආණ්ඩුවේ මර්දනයට බියවිය යුතු නැතැයිද ප්‍රකාශ කළේය.
- lankadeepa
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
