පැතුම් නිදහස් කරන්න බලකරන්න ඕන !

පැතුම් නිදහස් කරන්න බලකරන්න ඕන !

පැතුම් කර්නර්ව අත්අඩංගුවට අරන්. චෝදනා මොනවද නම් දන්නේ නැහැ.

කොහොමත් අරගලයක් සිදුවෙච්ච සන්දර්භයක් ඇතුලේ 'චෝදනා' කියන්නේ තේරුම් ගන්න අමාරු දෙයක් නෙවෙයි. අරගලකරුවෙක්ට එරෙහිව 'රාජ්‍ය විරෝධී' කියල හංවඩු ගහන්න පුළුවන් නීති සහ විධිවිධාන හොයාගන්න බැරි දේවල් නෙවෙයි. මේ ලියන දේවල් උණත් අන්තිමට 'රාජ්‍ය විරෝධී' කියල කියන්න ඉතාම පහසුවෙන් පුළුවන්.

කර්නර් වමේ දේශපාලනය නියෝජනය කළ තරුණයෙක් ලෙස එළියට ආවේ නැහැ. මම හිතන්නේ ඔහු එන්නේ හරිත පක්ෂය වගේ එකකින්. හැබැයි ඔහුගේ ෆේස්බුක් එක ගත්තම (ඒක විතරක් ගත්තත්) යම් සමාජ-දේශපාලනික බලපෑමක් ඇති දේවල් ඩිජිටල් වේදිකාවේ කියල තියනවා (high impact factor). සහ ඔහු ගොඩක් වෙලාවට ට්‍රෙන්ඩින්. ඒ කියන්නේ සෑහෙන පිරිසක් ඔහුව කියවමින් තියනවා.

මම හිතන්නේ එක්තරා අවස්ථාවකට පස්සේ ඔහු අරගලයෙන් තරමක් වෙන් වෙලා උණත් දිගටම ඔහුගේ අදහස් කියමින් හිටියා. ඒ වගේම පසුගිය 9 වැනිදා ඔහු ලයිව් ආව. අරගලය එක්ක සම්බන්ද උණා. ඔහුගේ මතවාදය සහ ක්‍රියාකාරකම් එක්ක මම එකඟ නොවන තැන් ගොඩක් තියනවා. ඒ උනාට මේ මාස කිහිපය ඇතුලේ යම් විකල්ප දේශපාලන නායකත්ව විභවයක් ඔහුගෙන් දකින්නත් පුළුවන් උනා. විශේෂයෙන් යම් යම් දැනුම්වත් කිරීම් එක්ක ඔහුගෙන් යම් තීරණාත්මක කාර්යයක් සිද්ද උණා.

ඒ වගේම ඔහුගේ පෙනුම වෙනස්. හොඳට ඇඳලා කරලා තමයි ඉන්නේ. නීට් සහ කැපී පෙනෙන සුළුයි.

විශේෂයෙන් අරගලය ඇතුළෙත් ආරම්භයේ ඉඳල විශාල බලපෑමක් ඔහු විසින් කළා. යම් යම් ගණන් බැලීම් එක්ක ගත්තත් ඔහු තරමක් ඉස්සරහින් හිටියා.

සමාජයේ මුල් බැහැගත්ත දේශපාලනය කරපු ගොඩක් අයට වඩා ඔහු තරමක් ඉස්සරහින් හිටිය. ඒ නිසා වමේ සහ දකුණේ ගොඩක් අයට ඔහු අභියෝගයක් වෙන්න ඇති. නීති කඩ කළාට වැඩියෙන් ඔහු අත්අඩංගුවට ගන්න හේතුව ඔහු මේ පවතින ක්‍රමය ඇතුලේ යම් විකල්පයක් ලෙස මතුවීම. අවම වශයෙන් විකල්ප රූපයක්, විකල්ප දේශපාලන ප්‍රතිරූපයක් (alternative political image) හැටියට ඉස්මතු වෙන්න උත්සාහ කිරීම. වෙනත් පරම්පරාවකට කතා කරන්න උත්සාහ කිරීම.

මම කියන්නේ ඒ රූපයට අපි එකඟ වුණත් නැතත් පැතුම්ට අයිතියක් තියනවා එහෙම උත්සාහයක් සහ අත්හදා බැලීමක් කරන්න. ඉනුත් විශේෂයන් ලෝක ගෝලයේ අත්හදා බැලීම් අඩුවෙන් කරන කළාපයක...

ඒ නිසා පැතුම් නිදහස් කරන්න බලකරන්න ඕනි.

අද විජේ ඩයස් සහෝදරයා අප අතරින් වෙන්වෙලා.

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න