GL දොට්ට දාලා : දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලේ මෙන්න !

GL දොට්ට දාලා : දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලේ මෙන්න !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ නව අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් අද (22) දිවුරුම් දෙනු ලැබිණ .

එහි විශේෂත්වය වූයේ එක් වෙනසක් පමණක් සිදුකර පැවති අමාත්‍ය මණ්ඩලයම පත්කර තිබීමය .

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා වූ GL පීරිස් ඉවත්කර ඒ වෙනුවට අලිසබ්‍රි එම ධූරයට පත්කර ඇත.

අදාළ අමාත්‍ය මණ්ඩලය පහත දැක්වෙයි .

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන
අධ්‍යාපන අමාත්‍යංශය -  සුසිල් ප්‍රේමජයන්ත
ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය – බන්දුල ගුණවර්ධන
කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් අවසන් රක්ෂණ අමාත්‍ය – මහින්ද අමරවීර
සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය – විජේදාස රාජපක්ෂ
සංචාරක හා ඉඩම් අමාත්‍ය – හරීන් ප්‍රනාන්දු
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය – රමේෂ් පතිරණ
නාගරික සංවර්ධන අමාත්‍ය – ප්‍රසන්න රණතුංග
විදේශ කටයුතු අමාත්‍ය – අලි සබ්රි
බුද්ධශාසන හා ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය – විදුර වික්‍රමනායක
විදුලි බල හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර
ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය – රොෂාන් රණසිංහ
පරිසර අමාත්‍ය – අහමඩ් නසීර්
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය – මනූෂ නානායක්කාර
මහජන ආරක්‍ෂක අමාත්‍ය – ටිරාන් අලස්
වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය – නලින් ප‍්‍රනාන්දු

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න