විරෝධතා ඇරඹේ : කොළඹට අතිරේක බලඇණි කැඳවයි !

විරෝධතා ඇරඹේ : කොළඹට අතිරේක බලඇණි කැඳවයි !

අද (22) අලුයම ගෝල්ෆේස් අරගල බිමට එල්ලවූ ආරක්ෂක අංශ ප්‍රහාරයට විරෝධය පලකර දේශපාලන පක්ෂ නියෝජිතයන් , සිවිල් සහ වෘත්තීය සමිති නායකයන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රමුඛ සංවිධාන කොළඹ කොටුව ප්‍රදේශයේ විරෝධතා උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණ .

අනතුරුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්‍යාලය ප්‍රදේශයෙන් ගෝල්ෆේස් පිටිය දෙසට පෙළපාලියකින් යාමට උත්සාහ කලද හමුදාව හා පොලිසිය විසින් දැඩි රැකවල් යොදා මාර්ගය වසා දමා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත් විය යුතු බව විරෝධතාකරුවන් කියා සිටියි.

කොළඹට අතිරේක බලඇණි !

මේ අතර කොළඹ සහ තදාසන්න ප්‍රදේශ සියල්ලේ ආරක්ෂාව තර කර තිබේ.

අතිරේක පොලිස් හා හමුදා බලඇණි මාර්ග බාධක යොදවමින් මෙලෙස ආරක්ෂාව තර කර තිබේ.

ගාලුමුවදොර අරගල භූමියට පොලිසිය හා හමුදා විසින් ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් අනතුරුව ජනාධිපති ලේකම් කාර්‍යාලය , ප්‍රධාන පිවිසුම ඇතුළු ප්‍රදේශ අත්පත් කරගෙන ඇත .

මේ වන විට ජනාධිපති කාර්‍යාලයේ බාහිර පරිශ්‍රය පෙර පැවති සම්ප්‍රදායික රාජකාරි කටයුතු වෙනුවෙන් සකස් කෙරෙමින් ඇති බවත් අභ්‍යන්තර පරිශ්‍රය ඇඟිලි සලකුණු ගැනීම් ඇතුලු පොලිස් සොකෝ විමර්ශන වලින් පසුව සාමාන්‍ය තත්ත්වයට පත්කෙරෙනු ඇති බවත් වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න