Language Switcher

V2025

SSP රොමේෂ් ලියනගේ නැවත සේවයට

පසුගිය 09 වැනි දා මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීමට අදාළව වැඩතහනමට ලක්ව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ(STF) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ  අද (21) සිට නැවත සේවයේ පිහිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව  පැවසුවේ, අධිකරණ ක්‍රියාමාර්ග හා විනය පරීක්ෂණවලට යටත්ව මෙම නිලධාරියා නැවත සේවයේ පිහිටුවා ඇති බවයි.