Language Switcher

V2025

මගේ ජන්දය රනිල්ට : සජබ මන්ත්‍රී ප්‍රසිද්ධියේ කියයි !

ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට තම ඡන්දය ලබා දෙන බව සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද කුමාර් පවසයි.

ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු අද (19) මේ බව පැවසීය .

තමාගේ මෙම තීරණය පිළිබඳ තමා නියෝජනය කරන පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද දැනුවත් කළ බව අරවින්ද කුමාර් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.