ජීවන බර අවම කරන කඩිනම් සහන වැඩසටහනක් : වැ.බ. ජනාධිපති තීන්දුවක් !

ජීවන බර අවම කරන  කඩිනම් සහන වැඩසටහනක් : වැ.බ. ජනාධිපති තීන්දුවක් !

ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජිවන බර අවම කිරීම සදහා ඉන්ධන ,ගැස් හා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ලබා දිමට කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරිමට ගරු වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තිරණය කර ඇත .

අද(16) උදැසන අමාත්‍යවරුන් සහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තිරණය ගෙන ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් මේ බව පවසයි .

අදාළ නිවේදනය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ලබන අගොස්තු මාසයේ දි ඉදිරිපත් කරන සහන අයවැයෙන් එ සදහා තවත් අතිරේක මුදල් යෙදවීමට තිරණය කර තිබෙන බවයි .

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එම සාකච්ඡාව දි ගරු වැඩබලන ජනාධිපතිතුමා උපදෙස් දෙන ලදි.

විශේෂයෙන්ම ඉන්ධන සහා පොහොර ක්‍රමවත්ව මෙන්ම කඩිනමින් ලබාදීමට ද මෙහිදී අවධානය යොමු විය .

එමෙන්ම තම ව්‍යාපාර බධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ව්‍යාපාරිකයන්ට සකස් කර දිම කෙරෙහි ද ⁣මෙම සාකච්ඡාවේදී යොජනා වි තිබේ .

මේ අතර සාමකාමී අරගල නායකයින් විසින් භාර දි ඇති යොජනාවලියේ සදහන් මහජන කවුන්සිලය ⁣හොඳ යොජනාවක් ලෙස පිලිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම සාකච්ඡාවේදී සඳහන් කර ඇත .

එමෙන්ම දුෂණය මැඩලීම සඳහා ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට ට දැනුම් දෙන බවත් වැඩබලන ජනාධිපතිතුමා වැඩිදුරටත් පවසා ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න