ඉන්දියාවෙන් මෙරටට ලැබුණු යූරියා පොහොර තොගය ඊයේ (09) මෙරටට ළඟා වූ බවත් අද (10) එය ඉන්දීය මහ කොමසාරිස් විසින් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත නිල වශයෙන් බාරදෙනු ඇති බවත් වාර්තා වෙයි .
වාර්තා වන ආකාරයට අදාළ පොහොර තොගය මෙට්‍රික් ටොන් 40000කි.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ අදාළ පොහොර තොගය 10 ක් ඇතුළත ගොවීන් වෙත බෙදාහරින බවයි .
එම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පැවසුවේ එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය ලොරි රථ මේ වනවිටත් සූදානම් කර ඇති බවය.
මේ අතර පොහොර තොගය නිල වශයෙන් බාරගැනීමෙන් පසුව තමන් කෘෂිකර්ම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
