පාලන මිලට සහල් දෙන්න ඩඩ්ලි එකඟයි : ඒත් ප්‍රධාන පෙළේ හාල් මෝල්ලු ජාවාරමක !

පාලන මිලට සහල් දෙන්න ඩඩ්ලි එකඟයි : ඒත්  ප්‍රධාන පෙළේ හාල් මෝල්ලු ජාවාරමක !

රජයේ පාලන මිලට ජුනි 19 සිට සහල් නිකුත් කරන බව සහල් නිෂ්පාදක ඩඩ්ලි සිරසේන පවසයි .

මෙරට අංක එකේ සහල් මෝල් හිමියා ලෙස සැලකෙන ඩඩ්ලි සිරිසේන මේ බව සඳහන් කර සිටියේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

රජය විසින් පනවා ඇති මිල ගනන් යටතේ තමන් සහල් නිකුත් කරන බවත් අනෙකුත් සහල් මෝල් හිමියන් වෙතින් ද එම මිලට සහල් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින බවත් එහිදී ඔහු පැවසීය .

ඒ අනුව නාඩු සහල් කිලෝව රුපියල් 220 ද,සම්බා කිලෝව රුපියල් 230 සහ කීරි සම්බා කිලෝව රුපියල් 260 වෙළෙඳ පොලට නිකුත් කරන බවත් ඩඩ්ලි සිරිසෙන කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩඩ්ලි සිරිසේන පවසා සිටියේ මාස තුනකට සහල් පාලනය කිරීමේ බලය ජනතාවට බාර දෙන බවත් කෙසේ වුවත් මාස තුනක් යන තෙක් කෑම වේල් අඩු කිරීම නොව කන ප්‍රමාණය අඩුකරමු කියාය.

ප්‍රධාන පෙළේ හාල් මෝල් හිමියන් ඉහගෙන කයි !

මේ අතර දේශය පුවත්පත වාර්තා කර ඇත්තේ ,ඇසුරුම් කළ සහල් බෑගයේ රජයේ පාලන මිල සඳහන් කර එම මිලට වඩා වැඩි ගණනකට සහල් අලෙවි කිරීමට පොළොන්නරුවේ ප්‍රධාන සහල් මෝල් හිමියන් කටයුතු කරන බැවින් වහා ඔවුන් වැටලීමට ලක් කළ යුතු බව නම් සඳහන් නොකළ සහල් තොග වෙළෙඳුන් ගණනාවක්ම පැවසූ බවය.

කිලෝවක් රු. 260/- ට පාලන මිල නියම කර ඇති විවිධ සම්බා වර්ග කිලෝ 5ක බෑගයක් තම සමාගම් විසින් සපයන්නේ කිලෝව රු. 300/- මිලට බව පවසන එම සහල් මෝල් හිමියන් සිල්ලර වෙළෙඳුන්ට එම සහල් කිලෝව රු. 310/- බැගින් අලෙවි කළ හැකි බව පවසන්නේ යැයිද සඳහන් කළ බවත් අදාළ පුවතේ සඳහන් වෙයි.

දේශය පුවත්පත වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

මෙම ජාවාරමේ නියුතු මහා පරිමාණ මෝල් හිමියන් තොග වෙළෙඳුන්ට සහල් අලෙවි කරන විට සපයන බිල්පතේ සඳහන් කරන්නේ පාලන මිල පමණි. ඉතිරි මුදල් අතයට ගෙවීම සිදු කළ යුතු යැයිද අප වෙත කරුණු දැක්වූ තොග වෙළෙන්ඳෝ සඳහන් කළෝය.

එබැවින් රජයේ පාලන මිල ව්‍යාජ ලෙස බෑගයේ සඳහන් කර ඊට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන පොළොන්නරුවේ ජාවාරම්කාර සහල් මෝල් හිමියන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන මෙන්ද එම තොග වෙළෙන්ඳෝ ඉල්ලා සිටිති. එසේම සහල් තොග රුස්කොට අලෙවි නොකර සගවාගෙන සිටින්නන්ද එලෙසම වැටලිය යුතු බවද තොග වෙළෙන්දෝ, පාරි‌භෝගිකයෝ සහ සිල්ලර වෙළෙඳුන් ඉල්ලා සිටිති.

පාරිභෝගික අධිකාරිය මෙකී මහා ජාවාරම්කරුවන් වටලන්නේ නැතිව සිල්ලර වෙළෙඳුන් පසුපස යාමෙන් පමණක් සහල් මාෆියාව එළිපිට සිදු කරන මෙම හොර ජාවාරම මර්දනය කළ නොහැකි බව ඔවුහු වැඩිදුරටත් කීහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න