ඉන්ධන ආනයනයට තවත් සමාගම්වලට අවස්ථාව : කැබිනට් පත්‍රිකාව ළඟදීම !

ඉන්ධන ආනයනයට තවත් සමාගම්වලට අවස්ථාව : කැබිනට් පත්‍රිකාව ළඟදීම !

මෙරටට අවශ්‍ය ඉන්ධන ඉල්ලුම සැපයීම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පමණක් සිදුකළ නොහැකි බවත් ලංකා IOC වැනි තවත් සමාගම් මෙරට ඉන්ධන සැපයුම් ක්‍රියාවලියට එක් කර ගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි .

එසේම ඉදිරි දින 3-4 තුලදී පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද වන විට මෙරට ඇති ඉන්ධන සංචිතය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් දක්වා ඇත.

ඒ අනුව මෙරට සතුව, ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් මෙට්‍රික් ටොන් 4,000ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 8,300ක් CPC සතුව ඇති අතර LIOC සමාගම සතුව පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 10,000ක් ඇත .

ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නෞකාවන් ලෙස මෙම මස 23 වෙනිදා පෙට්ට්‍රල් රැගත් නෞකාවක් සහ 24 වෙනිදා ඩීසල් රැගත් නෞකාවක් පැමිණීමට නියමිත බවත් අමාත්‍ය කාංචන විජේසේකර පවසයි .

මෙම මස 29 වෙනිදා සහ ජුලී මස 10 වෙනිදා බොර තෙල් රැගත් නෞකාවන් දෙකක් පැමිණීමට නියමිත බවත් ඔහු පවසයි .

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න