ගෑස් සිලින්ඩරය 7000 ට ? අනුමැතියට පිටින් ගෑස් ගෙන්වීමේ සූදානමක් !

ගෑස් සිලින්ඩරය 7000 ට ? අනුමැතියට පිටින් ගෑස් ගෙන්වීමේ සූදානමක් !

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් සහ කැබිනට් අනුමැතිය හිමි වූ තායිලන්ත සියාමි සමාගමෙන් ගෑස් මිලදී ගැනීම අත්හිටුවා මීට පෙර සැපයුම්කරු වූ ඕමාන් ට්‍රෙඩින් සමාගමෙන් ගෑස් මිලදී ගැනීමට සූදානම් වීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.

මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ හේතුවෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යෑමේ අවදානමක් පවතින බවයි.

වාර්තා වන ආකාරයට, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සියාම් සමාගම, දැනුම්දී ඇත්තේ , වරාය, රක්ෂණ, නෞකා ගාස්තු ලෙස මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 96 ක මුදලක් අයකරන බවයි .

මීට පෙර ගෑස් සැපයුම් කළ ඕමාන් සමාගමේ දැනුම්දී ඇත්තේ , ඔවුන් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 129 ක මුදලක් අයකරන බවයි .

මේ අතර මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ , සමාගම් දෙකෙහි මිල ගනන් වල එතරම් වෙනසක් ඇති පසුබිමක පවා, සියාමි සමාගමෙන් ගෑස් මිලදී ගැනීම අත්හිටුවා, ඕමාන් සමාගමෙන් ගෑස් මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස, ලිට්රෝ සමාගමට බලපෑම් එල්ල වී ඇති බවයි .

මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට , ඕමාන් සමගමෙන් ගැස් මිලදී ගැනීමේදී ඇමෙරිකා ඩොලර් 34 ක් වැඩියෙන් ගෙවා ලබා ගැනීමට සිදුවීම හේතුවෙන් ගෘහස්ථ ගැස් මිල ඉහළ දැමීමට සිදුවනු ඇත .

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරුන් වන තෙෂර ජයසිංහ හා විජිත හේරත්ට ඉවත් වීමට සිදු වූයේද මෙම සිද්ධිය හේතුවෙන් බව ලිට්රෝ ගෑස් සමාගමේ සහ මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

ලිට්‍රෝ සමාගම පවසන්නේ සියාම් සමාගමෙන් ගෑස් මිලදී ගතහොත් ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් රුපියල් 5000 කට පමණ පාරිභෝගිකයාට ලබාදිය හැකි බවයි. ඒ බව හිටපු සභාපති තෙෂර ජයසිංහ විසින් මුදල් අමාත්‍යාංශයටද මීට පෙර දැනුම් දී තිබූ බවත් වාර්තා වෙයි.

ඕමාන් ගෑස් සමාගමෙන් ගෑස් ආනයනය කිරීමේදී සිලින්ඩරයක් රුපියල් 7000 ක් පමණ විය හැකි බව සඳහන් කරන ලිට්රෝ සමාගමේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ , මේ වන විට ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයකින් රුපියල් 2500 ක පාඩුවක් ලබන බවයි.

මේ අතර පවතින තත්ත්වය තුළ, ගෑස් සැපයීමට හැකියාව පවතින්නේ, තොග වශයෙන් මිලදී ගත් ගැනුම්කරුවන් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .

ඒ අනුව රෝහල්, හෝටල් සහ ආදාහනාගාර එම කණ්ඩායම් යටතේ අයත්වන බවද අගමැතිවරයා පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න