ශ්‍රී ලංකාව වෙනුවෙන් ආහාර සහ ඖෂධ ලබාදීම සඳහා වන ගෝලීය ඉල්ලීමක් සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමින් සිටියි.
එම ඉල්ලීම සිදුකරන්න නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා රජය වෙතින් ඉදිරිපත් වූ ඉල්ලීමකට අනුව බවත් වාර්තා වෙයි .
මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පත විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් හරහා කරුණු තහවුරු කරගෙන වාර්තා කර ඇත .
ඒ අනුව ජූනි මස 8 වැනිදා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිල වශයෙන් මේ සඳහා වන ගෝලීය ඉල්ලීම සිදු කිරීමට නියමිතව ඇත.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද මෙරට සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් හමුවී මෙරට ඇති වීමට නියමිත ආහාර අර්බුදයට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
