Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

යාපනය දූපත් වැසියන්ට : ඉන්දියාවෙන් භූමිතෙල් !

යාපනයේ දූපත්වල ජනතාවට ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු භූමි තෙල් ලීටර් 15,000ක් බෙදා දෙන ලදී.

භූමි තෙල් බෙදාදීම සිදු කෙරුණේ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ නියෝජ්‍ය මහ කොමසාරිස් මහකොමසාරිස් ප්‍රකාශ රාකේෂ් නට්රාජ් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති වැඩසටහනකදීය.

ඉන්දියානු රජය රටේ පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන මෙම භූමිතෙල් තොගය පරිත්‍යාග කළේය.