ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර අද (14) පැවති විශේෂ රැස්වීම දැඩි උනුසුම් මුහුණුවරක් ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
හිටපු අමාත්‍යවරු හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මෙම රැස්වීමට එක්ව සිටින බවත් වාර්තා වෙයි .
ඊට සහභාගිවී සිටින ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේ ගනුලැබූ ක්‍රියාමාර්ග දැඩිලෙස විවේචනය කර ඇති අතර නිසි ආරක්ෂාවක් ලබාදීමට නිසි පරිදි කටයුතු නොකල පොලිස්පතිවරයා ඉවත්කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාට බලකර තිබෙන බවත් වාර්තා වෙයි .
කෙසේ වුවත් එහිදී නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට නිසි ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර ඇති බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
