නැවත වරක් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත .
එහිදී ඇය සඳහන් කර ඇත්තේ සාමාකාමී පුරවැසියන්ගේ හඬ සියලු දෙනාට ඇසිය යුතු බවයි .
ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන සත්‍ය ප්‍රශ්නවලට දීර්ඝකාලීන විසඳුම් අවශ්‍ය බවත් රට සෞභාග්‍ය කරා ගෙන යෑමටත්, සියලු දෙනාට අවස්ථා සැලසීමටත් එය අවශ්‍ය බව ඇය පවසා ඇත.
හදිසි නීතිය පැනවීමෙන් ප්‍රශ්න නොවිසඳෙන බව ද ඇය සඳහන් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
