අන්තරේ මඩින්න ගිහින් : ආණ්ඩුව ඉල්ලං කෑවා !

අන්තරේ මඩින්න ගිහින් : ආණ්ඩුව ඉල්ලං කෑවා !

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය අද (24) කොළඹ පැවැත්වූ විරෝධතා පාගමන වැලැක්වීමට ගොස් ආණ්ඩුව ඓතිහාසික නින්දාවක් හිමිකරගත් බව දේශපාලන විචාරකයන් පවසයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමන වැලැක්වීමට පොලිසිය ආරම්භයේ සිට අසාමාන්‍ය වෙහෙසක් ගත් අතර ඇතැම් අවස්ථාවල පමණ ඉක්මවා ක්‍රියාත්මක වූ බවත් ඔවුන් පෙන්වා දෙයි.

අන්තරයේ පාගමන වැලැක්වීමට පොලිසිය පළමුව අධිකරණ නියෝගයක් ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වීමෙන් පසුව අන්තරේට යන්න තහනම් මාර්ග කිහිපයක් සඳහා නියෝගයක් ගත්තත් එයද ව්‍යර්ථ කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය සමත් වූ බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ , ආණ්ඩුව සහ එහි වුවමනාව අනුව කටයුතු කිරීමට ගොස් පොලිසිය ඉල්ලං කෑමක් සිදුකර ගත් බවයි.

" ඉල්ලගෙන කෑවෙ. මේ ජනතා අරගලයේ මූලික කොන්දේසියක් තමයි ප්‍රචණ්ඩ නොවීම. එය ඔවුන්ගේ උපක්‍රමයක්. ඒ නිසා ගෝල්ෆේස් යන්න දෙන්න තිබුණේ. නමුත් ආණ්ඩුව පසුගිය යුද සමයේ පවා නොතිබූ ආකාරයට GI පයිප්ප යොදා බැරියර් දැම්මා. බැරියර් වලට උල්කටු වෑල්ඩිං කරලා ඒවා ඉටිකොළ යොදා සඟවා තිබුණේ. හරිම මිලේච්ජ හැසිරීමක් ඒ. නමුත් ශිෂ්‍ය ප්‍රජාව උපක්‍රමික ලෙස සාර්ථක වුණා. ඔවුන් අගමැති මහින්ද ගේ නිල නිවස වටලා කියන්න තියන දේ කිව්වා. ඕනම ටික තාප්පවල ලියලා ආවා.

විරෝධතාකරුවන් ඉල්ලුවේ ජනාධිපති, අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඉවත් විය යුතු බව. ඒක තමයි මේ අරගලයේ මූලික සටන් පාඨය. අන්තිමේ අන්තරය ගෝල්ෆේස් අරගල බිමටත් ගියා."

a

bbb

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න