ගාලු මුවදොර විරෝධතා භූමියට පැමිණ මහජනයා ප්‍රකෝප වන ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ශරීර ඇප මත මුදා හැරිණ.
ඒ, ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා හමුවට අද(15) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරු රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති , පොලිස් ආඥා පනත සහ රාජ්‍ය නිලධාන්ගේ රහස් ආඥා පනත යටතේ චෝදනා ගොනු කරමින් පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ජනාධිපති නීතිඥ රියෙන්සි අර්ස කුලරත්න සහ දර්ශන කුරුප්පු ඇතුළු නීතිඥයින් පිරිසක් එම පොලිස් නිලධාරියා වෙනුවෙන් ස්වේඡාවෙන් පෙනී සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
