IMF යන සබ්‍රිගේ උත්සාහය මෙන්න !

IMF යන  සබ්‍රිගේ උත්සාහය මෙන්න !

ලංකා ආර්ථිකයට ඩොලර් බිලියන 4 ක් පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලබාගන්නට අප්‍රේල් 18 සිට සාකච්ඡා කිරීම සිදුවන බව මුදල් අමාත්‍ය අලිසබ්‍රි පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

”අපිට බොහෝ දුරට බිලියන 3 ත් 4 ත් අතර අලුතින් මුදල් අවශ්‍යයි.ගෙවිය යුතු වුවත් ණය යලි ගෙවීමේ බර දැන් අපි පැත්තකින් තියලා තියෙන්නේ.අපි අපෙක්ෂා කරනවා සැපයුම පවත්වාගෙන යමින් මෙරට කර්මාන්තවලට බලපෑමක් වන විදුලි කප්පාදුව අඩු කරන්න” යනුවෙන් ද ඔහු පවසා ඇත.

මෙහිදී මාධ්‍ය විසින් චීනයෙන් තවත් ඩොලර් බිලියන 2.5 ක මූල්‍ය ආධාරයක් ලබා ගැනීමට ආරම්භ කර තිබෙන සාකච්ඡා වල අලුත් තත්ත්වය ද විමසා ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ , " අපි ඔවුන් සමග දීර්ඝ කාලීනව සාකච්ඡා කරමිනුයි ඉන්නේ…අපිට විශ්වාසයි චීනය අප දෙස ධනාත්මකව බලයි කියලා. චීනයට සමග අපට දිගු කාලීන සම්බන්ධතාවක් තිබෙනවා. මම ඒ ගැන වැඩිදුරටත් තොරතුරු හෙළි කරන්නෙ නැහැ. ඔවුන් තවමත් ඉන්නේ සාකච්ඡා මට්ටමේ, එවගේම ඉන්දියාවත් අපිට නිරත්නරයෙන් උදව් කරනවා. එම රටවල් දෙකම අපගේ අසල්වැසියන් හා මිතුරන්. ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. අපි විසින්ම නැගී සිටින තෙක් අපට අවශ්‍ය සහාය ලබාදන බවට…අප මේ වන විටත් චීනය, ඉන්දියාව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව සමග මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ සියලු දේ සමග අපි විශ්වාස කරනවා අපිට ඉදිරියට යා හැකි කියලා, ඉදිරි අවුරුද්ද අපිට අසීරු විය හැකි බව මම දන්නවා. අපි තේරුම් අරන් තිබෙනවා. මේ කාලය තවදුරටත් අසීරු විය හැකි බව"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න