රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ දරුවන් සඳහා විශේෂිත ඉන්සියුලින් දැඩි හිඟයක් පවතින බවත් පරිත්‍යාගශීලීන්ට එම ඉන්සියුලින් වර්ගය ලබාදිය හැකි නම් වටිනා බවත් එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසා ඇත.
රිජ්වේ ආර්යා ළමා රෝහල සතුව සාමාන්‍ය ඉන්සියුලින් අවශ්‍ය තරම් ඇති බව පවසා ඇති වෛද්‍ය ජී. විජේසූරිය රෝහල සමඟ සම්බන්ධ වී විශේෂ ඉන්සියුලින් වර්ගය ලබාදිය හැකි බව ද සඳහන් කළේය.
එම විශේෂ ඉන්සියුලින් වර්ගය ලබාගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාල හරහා පිරිසක් පරිත්‍යාගශීලින්ගෙන් මුදල් එකතු කරන අතර එම කණ්ඩායමේ පුද්ගලයෙක් පැවසුවේ පරිත්‍යාගශීලීන්ගේ ලැබුණු මුදල්වලින් රුපියල් ලක්‍ෂ 11 ක් වටිනා ඉන්සියුලින් තොගයක් රිජ්වේ ආර්යා ළමා රෝහල හෙට (12) ලබාදීමට නියමිත බවත්ය.
(මූලාශ්‍රය lankadeepa )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
