පුටීන් යුධ අපරාධකරුවෙක් බව බයිඩ්න් කියයි

පුටීන් යුධ අපරාධකරුවෙක් බව බයිඩ්න්  කියයි

අර්බුද මධ්‍යයේ වුවද අමෙරිකාව සහ රුසියාව අතර පවතින හොද හිත පලුදු කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ප්‍රබල වාග් ප්‍රහාරයක් එල්ල කර ඇත. ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යනු, යුධ අපරාධකරුවකු බව ජාත්‍යන්තරය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමිනි.

යුක්‍රේන අර්බුදයේදී රුසියානු හමුදාව එල්ල කරන ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ සිවිල් වැසියන් ඝාතනය වීම හෙලා දකිමින් අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ සිට එම ප්‍රකාශය නිකුත් කර ඇති අතර, එමෙන්ම රුසියාව යුක්‍රේනය ආක්‍රමණය ඇරඹීමෙන් පසුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එල්ල කළ ප්‍රබලතම වාග් ප්‍රහාරය ද එයයි.

යුක්‍රේනයේ “නයේ මරිපෝල්” නගරයේ පිහිටි විශාලතම රෝහල තුළ වෛද්‍යවරුන් සහ රෝගීන් සිය ගණනක් රුසියානු හමුදාව විසින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටින බවත් එය කෘර ක්‍රියාවක් බවත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය.

යුක්‍රේනය වෙනුවෙන් ලෝක ප්‍රජාව එකමුතුව නැගී සිටිය යුතු බව අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙම අදහස් දැක්වූයේ යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය අමතා සංවේදී ප්‍රකාශයක් සිදුකර පැය කීපයකින් පසුව වීම විශේෂත්වයකි.

එහිදී යුක්‍රේන ජනාධිපතිවරයා ඇමෙරිකාවෙන් ඉල්ලා තිබුනේ රුසියාවට එරෙහිව තනිව සටන් වදින සිය රටට සහය ලබාදෙන ලෙසයි. යුක්‍රේන ජනාධිපතිවරයාගේ ආයාචනය පිලිගනිමින් ප්‍රහාරක ගුවන් යානා නාශක අවිඇතුලු තවත් අවිආයුද රැසක් සහ ඩ්‍රෝන යානා ද සමගින් යුද ආධාර සැපයීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න