ඉන්දීය නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ව අද (16) හමුවී ඇත.
ඒ එරට පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.
මෙම හමුවට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා වද අද උදෑසන හමුව තිබේ.
මුදල් අමාත්‍යවරයා සමග මුදල් ලේකම් එස්.ආර්. ආටිගල ,ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
මෙම සංචාරයේදී මුදල් අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් , මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී විකුම් මිස්රි හමුවී සාකච්ජා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
