කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති විෂය පථය සහ කාර්යයන් කිහිපයක් ඉවත්කර පරිසර අමාත්‍යාංශය යටතට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන තිබේ.
ඒ මෙතෙක් කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ “දැනට භූගතව සහ සාගර අභ්‍යන්තරයේ ඇතැයි සැලකෙන ඛනිජ සම්පත් නූතන අධිතාක්ෂණ භාවිතා කර ගවේෂණය කර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදාගැනීම” යන කාර්යය පරිසර අමාත්‍යාංශය යටතට පැවරීම හරහා ය.
එසේම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සහ ලංකා ඛනිජ වැලි සමාගම ද පරිසර අමාත්‍යාංශය යටතට පවරා තිබේ.
ඊට අදාල අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද මේ වන විට නිකුත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
