මිල සූත්‍රයට මුවාවී තෙල් මිල ඉහළ දැමීමේ සූදානමක්

මිල සූත්‍රයට මුවාවී තෙල් මිල ඉහළ දැමීමේ සූදානමක්

ඉන්දියානු ඔයිල් සමාගමට ඉන්ධන මිල වැඩි කිරීමට ඉඩ දුන් රජය තව දවස් කිහිපයකින් මිල සූත්‍රයට මුවාවීමෙන් ලංකා ඛනිජ සම්පත් මණ්ඩලයටද ඉන්ධන මිල වැඩි කිරීමට අනුමැතිය දීමට සූදානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මේ බව සඳහන් කරයි.

පෙට්‍රල් සහ ඩීසල් අලවිකිරීමෙන් ලංකා ඛනිජ සම්පත් මණ්ඩලයට පාඩුවක් සිදුවන බවත් එබැවින් ඒ සදහා මිලසූත්‍රයක් සකසන බව ලංකා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරන බව පෙන්වාදෙන එම නිවේදනය ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සීග්‍රයෙන් අඩු වූ අවස්ථාවේ එම මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට ලබා නොදුන් බවද අවධාරණය කරයි.

එසේම ලෝක තෙල් මිල අඩුවූ අවස්ථාවේ එහි සහනය පාරිභෝගිකයාට ලබාදෙන ලෙස තම සංවිධානය ඉල්ලා සිටි බවත් එහිදී ලංකා ඛනිජ සම්පත් මණ්ඩලය මිල සූත්‍රයක් හදුන්වාදුන් පසු ඉන්ධන මිල අඩුකරන බව පැවසු නමුත් ඊට පසුව ඉන්ධන සදහා මිල සූත්‍රයක් සැකසීම ප්‍රයෝගික නොවන බව පැවසු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
.
ඉන්ධන මිල වැඩි කිරීමෙන් සමස්ත භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහල යන බැවින් මිලසූත්‍රය නම් මිරිගුවට මුවාවී ඉන්ධන මිල වැඩි නොකරන ලෙස තම සංවිධානය රජයෙන් ඉල්ලා සිටින බවද නිවේදනයේ සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න