දුමින්ද සිල්වාට සාධාරණයක් ලැබුණේ නැහැ - ජනාධිපති නීතීඥ අනිල් සිල්වා

දුමින්ද සිල්වාට සාධාරණයක් ලැබුණේ නැහැ - ජනාධිපති නීතීඥ අනිල් සිල්වා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැරදිකරු කිරීමේ චේතනාවෙන් ලබාදුන් නඩු තීන්දුවේ අඩුපාඩු රැසක් පවතින බැවින් ඔහුට ලබාදී ඇති මරණ දඬුවම අහෝසිකොට නිදොස්කර නිදහස් කරන ලෙස ජනාධිපති නීතීඥ අනිල් සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.

ඒ ඊයේ (27) හිටපු මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනුණු අවස්ථාවේය.

අභියාචනය විභාගයට ගැනුණේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ වූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා සඳහන් කර සිටියේ මහාධිකරණ විනිසුරුවරිය සිය තීන්දුව ලබාදීමේදී විත්ති පාර්ශවය පෙන්වාදුන් සාක්ෂි පරස්පරතා හැට දෙකක් සැළකිල්ලට ගෙන නොමැති බවය.

එසේම අදාළ නඩුවේ තීන්දුවේ අඩුපාඩු රැසක් පවතින බවත් නඩු විභාගයේදී ඉදිරිපත්වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේද යන්නද සලකා බලා නැතැයිද නීතීඥවරයා සඳහන් කළේය.

තවද ගිනි අවි භාවිත කල බවට දුමින්ද සිල්වා මහතාට චෝදනා ගොනුකර තිබු අතර ඒ සඳහා කිසිඳු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූ බවත් අනෙක් චෝදනා සම්බන්ධවද අදාළ නොවන සාක්ෂි ඉදිරිපත්ව කරමින් ව්‍යාජ සිද්ධි නිර්මාණය කර ඇති බවද ඔහු පැවසීය.

මේ කාරනා දක්වමින් නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයාට සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විබාගයක් නොලැබුණු බවත් ඒ මත පදනම්ව ඔහු නිදොස් කොට නිදහස් කරන ලෙසත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න