අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධව සාකච්ඡා කරන විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(28) පැවැත්වීමට නියමිතව ඇත.
පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන්නේ කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී ය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පසුගියදා කථානායක කරූ ජයසූරිය මහතාට භාර දෙනු ලැබු අතර ඒ සම්බන්ධයෙන් වූ විවාදය අප්‍රේල් 04 වන දින පැවැත්වීමට පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබිණ.

