''තවදුරටත් මෙහෙම යන්න බැහැ” - ජනපති කියයි

''තවදුරටත් මෙහෙම යන්න බැහැ” - ජනපති කියයි

සිය නියෝගය නොතකා ආර්ථික කළමනාකරණ කමිටුව අඛණ්ඩව රැස්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

ආර්ථික කළමනාකරණ කමිටුව වහාම අහෝසි කරන ලෙසට පැහැදිළිව දැනුම් දී තිබියදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වී තවදුරටත් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි සිය කනස්සල්ල පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට ඍජුව චෝදනා එල්ල කර ඇති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, තවදුරටත් මේ ආකාරයට ඉදිරියට යා නොහැකි බවට ද අනතුරු අඟවා තිබේ.

එහිදී වහාම මැදිහත් වී ඇති මලික් සමරවික්‍රම මහතා මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබේ.

මේ අතර මධ්‍යම අධි වේගී මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ජපානයේ අදාළ සමාගමට ලබාදීමේ දී මේ ආර්ථික කළමනාකරණ කමිටුව ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන් ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී චෝදනා කර තිබේ.

 (lankanewsweek)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න