අගමැතිවරයාට එරෙහිව ගෙනවිත් තිබෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂයක් ලෙස සහ සන්ධානයක් ලෙස විරුද්ධ විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අවධාරණය කර සිටියි.
එහෙත් තවමත් අවසන් තීන්දුව ගෙන නොමැති බවත්, ආණ්ඩුව පෙරළීමට අවශ්‍යතාවයක් නොමැති ඔහු කියා සිටියේය.
ශ්‍රීලනිප මූලස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා එහිදී තවදුරටත් සඳහන් කළේය.
පසුගිය මැතිවරණයේදී අවශ්‍ය වෙනස්කම් කර ගැනීමට හොඳ පණිවිඩයක් ලබාදී තිබෙන බවත් ඔහු පැවසිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
