රනිල්ට එරෙහිව විශ්වාසභංගයට ශ්‍රීලනිපය සුදානම් කිරීමේ මෙහෙයුමක් : වගකීම සුසිල්ට

රනිල්ට එරෙහිව විශ්වාසභංගයට ශ්‍රීලනිපය සුදානම් කිරීමේ මෙහෙයුමක් : වගකීම සුසිල්ට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කිරීමේ කටයුත්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු භාරගෙන තිබෙන බව වාර්තා වෙයි.

එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පක්ෂය තුළ විශ්වාසභංගයට පක්ෂව සහ විපක්ෂව මත දෙකක් තිබීම හේතුවෙන් මෙසේ පිරිස් වැඩිකර ගැනීමේ අපේක්ෂාව වී තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ජන්දය දීම පක්ෂයේ පොදු තීන්දුව බවට එය පත්කර ගැනීමය.

එසේම අදාළ කාර්යය සාර්ථක නොවුවහොත් එක් එක් මන්ත්‍රීවරයාගේ කැමැත්ත මත විශ්වාසභංග යෝජනාවේදී ජන්දය ලබාදීම සඳහා පක්ෂයේ තීන්දුව විවෘතව තබා ගැනීම කෙරෙහිද මෙම අමාත්‍ය පිරිසේ අවධානය යොමුව තිබෙන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්දව ඉදිරිපත් වි ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්නා අප්‍රෙල් මස 04 වැනි දින ඊට සහාය දීම සමබන්ධයෙන් ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුනට දෙවරක් සිතන්නට දෙයක් නැති බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කර තිබෙන බවද වාර්තා වන අතර එම ජනතා හිතවාදී තීරණය නොගන්නා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුනට ගමට යාමට නොහැකි වනු ඇති බවද පවසා තිබේ.

බළලා ලක්ෂ්මන් යාපාගේ මල්ලෙන් එළියට

මේ අතර රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනද පසුගියදා සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මුළු රටේම ජනතාව බලාපොරාත්තු වන තීරණය ගැනීමට පක්‍ෂයක් ලෙස සූදානම් බවය.

එසේම මෙම විශ්වාස භංගයත් සමගින් රට තුල විශාල පරිවර්තනයක් වනු ඇතැයිද කැඩුනු බිඳුණු කණ්ඩායම් නැවත එක්වනු ඇති බවටද අමාත්‍යවරයා සඳහන් කළ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ විශ්වාසභංග යෝජනාව හරහා මහින්ද මෛත්‍රී එකතු කිරීමේ සැලැස්මක්ද තුළ මේ අමාත්‍යවරුන් කටයුතු කරන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න