පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශුද්ධොත්තම පාප්වහන්සේ දැනුවත් කිරීම සදහා ඉතාලියේ මෙන්ම යුරෝපයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ජනතාවට ලබන ඉරිදා (27) දින වතිකානුවට රැස් වන ලෙසට දැනුම් දීමක් කොට ඇත.
ඉරිදා දින පෙරවරු 10.30ට පේදුරු පාවුළු බැසිලිකා පරිශ්‍රයට පැමිණෙන ලෙසත්, එදින අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාප් වහන්සේ හමුවීමට සූදානමින් සිටින බවත් දැනගන්නට ඇත.
මෙදින බොහෝ දුරට පාප් වහන්සේ විසින් ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් නිකුත් කරනු ඇති බව කතෝලික පල්ලියට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය සොයන ජනතාවක් ලෙස යුරෝපයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ජනතාව කාදිනල් හිමිපාණන් හට ශක්තියක් වෙමින් මෙම අවස්තාවට එක්වන ලෙස සංවිධාකයින් මෙහිදී ඉල්ලීමක් කොට තිබේ.
- මව්රට
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
