ආණ්ඩුවට විකල්පයක් ආණ්ඩුව ඇතුලෙන්ම : මාර්තු 02 වැඩපිළිවෙළ එළියට !

ආණ්ඩුවට විකල්පයක් ආණ්ඩුව ඇතුලෙන්ම : මාර්තු 02 වැඩපිළිවෙළ එළියට !

රටේ දැනට පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සදහා ‌වූ යෝජනාවලියක්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , විමල් වීරවංශ අමාත්‍යවරයා ගේ ජාතික නිදහස් පෙරමුණ , අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ පක්ෂ 11 කණ්ඩායම විසින් මාර්තු 2 වෙනිදා එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම යෝජනාවලිය තලවතුගොඩ පිහිටි මොනාර්ක් හෝටලයේදී ජනගත කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට විමල් වීරවංශ, උදය ගම්ම්න්පිල සහ වාසුදේව නානායක්කාර ඇතුලු ආණ්ඩුවේ පක්ෂ 11ක නායකයන් ‌හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවෙසට රැස්වී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත.

ඊයේ (23) රාත්‍රියේ පැවැත්වී ඇති මෙම සාකච්ජාව සවස 6 සිට රාත්‍රී 9 දක්වා පවත්වා ඇති බවත් දැනගන්නට ඇත.

මෙහිදී රටේ දැනට පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සදහා ‌වූ යෝජනාවලිය සම්බන්ධයෙන් අවසන් අදියරේ සාකච්ජා පැවැත්වී ඇති බව ද දැනගන්නට ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න