Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

උසස් පෙළ සිසුන් ගැන මතුකළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් රනිල්ට තුති !

උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන්ට විදුලි කප්පාදුව නිසා විශාල ප්‍රශ්නයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව වහා අවධානය යොමු කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය, එජාප නායක , මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විශේෂයෙන්ම ඉසෙඩ් ක්‍රමය අනුව ලකුණු දීමේ දී මේ ප්‍රශ්නය උද්ගත වන බවද හිටපු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

විදුලි කප්පාදුව විවිධ ප්‍රදේශ වලට නොයෙක් වෙලාවට කිරීම නිසා මූලික අයිතිවාසිකම් යටතේ නඩු පැවරීමට හැකියාව තිබෙන බව පැවසූ ඔහු මෙම විදුලි කප්පාදුව උසස් පෙළ විභාගය අවසන් වන තුරු වත් නතර කර ගත හැකි දැයි සලකා බලන ලෙස කීය.

මීට පිළිතුරු දෙමින් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසූයේ උසස් පෙළ විභාග සමයේ, විදුලි කප්පාදුව නවතා ගැනීම සඳහා විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන අමාත්‍යංශය, විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමඟ පෙරේදා (22)රාත්‍රියේදී සාකච්ඡා කළ බවයි.

හැකි තරම් දුරට මේ ප්‍රශ්නය වෙනස් කරන්නට හැකි වෙතියි සිතන බව ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කීය. මෙි ප්‍රශ්නය මතු කිරීම ගැන හිටපු අගමැතිතුමාට ස්තූතිවන්ත වෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.