කාදිනල් මැල්කම් රංජිත් නිදහස් උත්සවය වර්ජනය කරයි !

 කාදිනල් මැල්කම් රංජිත් නිදහස් උත්සවය වර්ජනය කරයි !

මෙවර නිදහස් දින රාජ්‍ය උත්සවයට සහභාගී නොවීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් තීරණය කර ඇත.

එසේම සෑම වසරකම බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදි තමන් විසින් පවත්වන නිදහස් දින දේව මෙහෙය නොපැවැත්වීමටත් තීන්දුවක් ගෙන ඇත.

කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අද (3) මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළ අතර, ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණයක් ඉටුනොවීම සහ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව එහි සේවය කරන මුනීන්ද්‍රන් නැමති සන් ක්‍රිස්ටියන්වරයාගේ නිදහස අහිමි කර අසාධාරණ ලෙස අත්අඩංගුවේ තබාගෙන සිටීම යන කරුණු හේතුවෙන් බවත් පැවසීය.

එසේ වුවත් රටපුරා දේවස්ථානවල දී නිදහස් දින දේව මෙහෙයන් පැවැත්වෙන බවත්, කාදිනල්තුමන්ගේ නියෝජිතයෙක් නිදහස් දින රාජ්‍ය සැමරුමට සහභාගී වන බවත් පියතුන් සඳහන් කළේය.

ප්‍රශ්න ගත බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරන පරීක්‍ෂණ ගැන සෑගීමකට පත්නොවන බව හා එම පරීක්‍ෂණ කඩිනම් කළ යුතු බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත්වරිය ද පොලීසියට පැවසූ බව කී සිරිල් ගාමිණී පියතුමන්, අහිංසකයන්ට වද හිංසා කරන පසුබිමක් තුළ එම දේවස්ථානයේ දේවමෙහෙය මෙවර පැවැත්වීම කළ නොහැකි බවට කාදිනල්තුමන් තීරණය කළ බව ද සඳහන් කළහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න