සපුගස්කන්ද විදුලි බලාගාරයේ ජනන කටයුතු නැවතීම හේතුවෙන් අද (23) සවස 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුලදී පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.
ඒ අනුව. එම විදුලි කප්පාදුව කාණ්ඩ 04ක් යටතේ සිදුකරන බව එම සංගමය සඳහන් කර සිටී.
A කාණ්ඩය : සවස 5.30 සිට සවස 6.30 දක්වා
B කාණ්ඩය : සවස 6.30 සිට සවස 7.30 දක්වා
C කාණ්ඩය : සවස 7.30 සිට රාත්‍රී 8.30 දක්වා
D කාණ්ඩය : රාත්‍රී 8:30 සිට රාත්‍රී 9.30 දක්වා.
එසේම හෙට (24) දිනයේදී ද විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බවත් වාර්තා වන අතර ඒ පැය 2ක කාලයකි. තවද ඩොලර් අර්බුදය නිසා ඉන්ධන මිලදී ගැනීමට නොහැකි බැවින් ඉදිරියටත් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව විශේෂඥ මතය වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
