ආණ්ඩුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ හිතවාදී මාධ්‍ය විවේචන සිදුකර සිටින්නේ ව්‍යාපාර අරමුණ ඇතිවද යන්න ගැන සැකසංකා මතුවෙයි.
ඒ පුවත්පත් මණ්ඩල සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ තබා ඇති ෆේස්බුක් සටහනක් හරහාය.
රාජ්‍ය ආයතනයක තනතුරු වෙනසක් හුවා දක්වමින් ඔහු මෙවැනි සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ තබා ඇත.
ඒ , "ලසන්තට ලංකා පොහොර සමාගමේ සභාපතිකම දීල. දැන්වත් ලසන්ත කට්ටියට කියන්න- දෙරණටත් ඇතුළුව (අලුත් සභාපතිගෙනුත් මිලියන දෙතුන් සීයක ඇඩ් හම්බ වෙයි) නිකරුණේ ආණ්ඩුවට පහර දෙන්න එපා කියල. දැන් ඇතිනෙ." යනුවෙනි.
මේ ෆේස්බුක් සටහන දැඩි ආණ්ඩු හිතවාදී මාධ්‍ය ආයතනයක් වන දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මෙසේ සිය ෆේස්බුක් පිටුවේ බෙදාහැර තිබුණි.

ආණ්ඩුව අභ්‍යන්තරයේ පුවත්පත් මණ්ඩල සභාපති සැලකෙන්නේ උග්‍ර බැසිල් රාජපක්ෂවාදියකු ලෙසින් වන අතර දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර සැලකෙන්නේ උග්‍ර ගෝඨාභය රාජපක්ෂවාදියකු ලෙසිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම දේශපාලන නොව ප්‍රාග්ධන තර්කයට යටපත් වී ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
