මැතිවරණ කොමිසමට එරෙහිව මාතරින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මැතිවරණ කොමිසමට එරෙහිව මාතරින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

''මාතර මහා නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිකරදීම නීතියට පටහැනියි''

54.28% ක් විරුද්ධව සිටියදී 45.72%ක සුලූතරයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මාතර මහා නගර සභාවේ පාලන බලය හිමිකරදීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් මාතර මහා නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වූ එච්. එම්. සුනිල් තිලකුමාර මහතා ඊයේ (23) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාව තමන්වෙත පැවරී ඇති බලය නිසි පරිදි ක්‍රියාවේ නොයෙදවීම නිසා ප්‍රකාශිත මාතර ජනමතය විකෘති වී ඇති බවත්, හිමි නොවූ බලයක් එක් පක්‍ෂයකට හිමිකරදී ඇති බවත් ඔහු සිය පෙත්සමින් කියා සිටියි.

එයින් තමන්ගේ සහ මාතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බැවින් මාතර ජනමතයට හානියක් නොවන පරිදි ක්‍රියාකරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝග කරන ලෙසත්, එතෙක් සුලූතර ජනමතයකට හිමිකම් කියන නගරාධිපතිවරයෙකු හා නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු නම්කර මාතර මහා නගර සභාවේ පාලන බලය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න