සිරිසේනව හාන්සි කරන මාධ්‍ය හමුවක් සමග රවී යළිත් කරළියේ !

 සිරිසේනව හාන්සි කරන මාධ්‍ය හමුවක් සමග රවී යළිත් කරළියේ !

" 2014 හිටපු ජනපති මෛත්‍රී දන්න ආයතනයකට ඩොලර් ලක්ෂ ගණනක් ලැබුණු බවට මහ බැංකුවේ ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා. මහ බැංකු අධිපති ඉවත්කර තව කෙනෙක් පත්කළා. අදටත් නඩුවට වුණ දේ දන්නේ නැහැ. ඩොලර් ප්‍රමාණය පැමිණි අයුරු දන්නේ නැහැ." හිටපු අමාත්‍ය රවී කරුණානායක විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත මෙසේ අද (11) ප්‍රබල චෝදනා එල්ල කර සිටියේය.

ඒ සිය පක්ෂ කාර්‍යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

රෙස්ටුරන්ට් , බාර් ලයිසන් දෙන්න එපා කියලා අණ කළා. 2015 ජුනි මාසයේ ඉහළින් ලියුම් එවනවා තමන්කඩුවේ රෙස්ටුරන්ට් එකකට ලයිසන් දෙන්නලු. ( පත්‍රිකා පෙන්වමින් ) මෙන්න තියෙන සාක්ෂි. එතුමාගේ ඥාතියෙක්ට දුන්නේ. කවුද කියලා දන්නවාද ? එයාට යකඩ හදන ආයතන දෙකක් තිබෙනවා. අපි මේවායෙන් බදු ගන්න හැදුවාම ටොන් දෙලක්ෂ හැටපන්දහසක බදු ඉවත්කළා. කොහොමද මේවා දුන්නේ? ( පත්‍රිකා පෙන්වමින් ) මේ තියෙන්නේ ඒ ගැන තොරතුරු.

මම පුනර්ජනනීය බලශක්ති ඇමති ලෙස කටයුතු කරද්දී කෝටි 300 ක වැඩ ටෙන්ඩර් නොමැතිව දෙන්න අපෙන් අවසර ඉල්ලුවා. මේ කැබිනට් පත්‍රිකාව...මේ තියෙන්නේ එතුමාගේ අස්සන. මෙතන තියෙන ෆයිල් 7 මම ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මම අභියෝග කරනවා සත්‍යඅසත්‍යතාව ගැන වාදකරන්න ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. "

මෙහිදී හිටපු ජනාධිපති වෙත, හිටපු අමාත්‍ය රවී කරුණානායක ලිපිගොනු හතරක් අතැතිව දිගින් දිගටම අභියෝග කර සිටියේ සුදු ඇඳගෙන කරන දේශපාලනය අතර හැකිනම් තමන් සමග ප්‍රසිද්ධ විවාදයක් සඳහා පැමිණෙන ලෙසය.

මෛත්‍රී එන්නේ නෑ !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධ විවාදයක් සඳහා නොපැමිණෙනු ඇති බවයි.

එසේම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන කඳවුර මේ මොහොතේ බරපතළ වන්දියක් ගෙවන්නේ මේ කරුණු කාරණා නියමිත වෙලාවට අනාවරණය නොකිරීම නිසා බවත් ඔවුන් පවසයි.

කොන්සර්වේටිව් හැසිරීම හේතුවෙන් යහපාලනය තුළ පැවති සියලු අර්බුද අවසානයේදී එජාපයට වැටුණු බවත් ඊට රනිල් වික්‍රමසිංහ එවකට අග්‍රාමාත්‍යවරයා ද වගකිවයුතු බව දේශපාලන විචාරකයන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න