රාජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් තමන් ඇතුලු තිදෙනකුට එරෙහිව පරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගන්නාවද? නැද්ද යන්න සම්බන්ධ නියෝගය ලබන 24 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය ඊයේ (10) තීන්දු කළේය.
මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර සහ එස් කුමාරන් රත්නම් යන මහත්ම මහත්මින් හමුවේ ඊයේ (10) සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
අපරික්ෂාකාරී ලෙස රිය පදවා 2016 වර්ෂයේදී තරුණයකු බරපතල අනතුරකට ලක් කිරිමේ සිද්ධියට අදාළ සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් තමන්ට එහෙිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති බවත් එම නඩු විභාගය අත්හිටුවන ලෙසත් අමාත්‍යවරයා මෙම ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබිණී.
Lankadeepa
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
