ගම්මන්පිල ඉල්ලපු ඩොලර් නැත්නම් : රටම දවස් 10න් කොට උඩ !

ගම්මන්පිල ඉල්ලපු ඩොලර් නැත්නම් : රටම දවස් 10න් කොට උඩ !

ඉදිරි කාලයට අවශ්‍යය ඉන්ධන තොග ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක පමණ හිඟයක් ඇතිවී තිබෙන බව විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල උපුටා දක්වමින් ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවි වාර්තා කරයි.

අදාළ පුවත අනුව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසා ඇත්තේ එම හිඟ මුදල් වහා ලබා දෙන ලෙස අද (10) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බවයි.

වැඩිදුරටත් අඩහස් දවන උදය ගම්මන්පිල අමාත්‍යවරයා , ජනවාරි මාසයේ මෙරට පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍ය බවත් දැනට තෙල් සංස්ථාව සතුව ඇත්තේ ඩොලර් මිලියන 150 ක් පමණ බවත් අනාවරණය කර ඇත .

උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙම මාසයේ ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීමට තවත් ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කරන බව පවසා ඇත්තේ ඒ අනුව ය.

ඉදිරි දින 10ක කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාව සතුව තිබෙන බව පවසන අමාත්‍යවරයා අදාළ මුදල කැබිනට් මණ්ඩලයෙන් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් පවසා ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න