එජාපය ජයගත් මීගමුවේ නගරාධිපතිධුරයත් පොහොට්ටුවට : ශ්‍රීලනිපයත් හවුල් වෙලා

එජාපය ජයගත් මීගමුවේ නගරාධිපතිධුරයත් පොහොට්ටුවට : ශ්‍රීලනිපයත් හවුල් වෙලා

මීගමුව නගරසභාවේ නගරාධිපතිධුරය සඳහා අද (23) පැවැත්වූ රහස් ජන්දය ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත.

එහිදී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නගරාධිපතිධුරය සඳහා ඉදිරිපත්වූ දයාන් ලන්සා ජන්ද 25ක් ලබාගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කල රොයිස් විජිත ප්‍රනාන්දු ලබාගෙන තිබෙන්නේ ජන්ද 19ක් පමණි.

එසේම මීගමුව නගර සභාවේ උප නගරාධිපතිධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගෙන ඇති අතර නගරාධිපතිධුරය සඳහා දයාන් ලන්සාට සහයදීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයත් ස්වාධීන කණ්ඩායම මෙන්ම එක්සත් ජාතික නිදහස් පෙරමුණ ද කටයුතු කර ඇත.

2018 පළාත් පාලන මැතිවරණයේ මීගමුව නගරසභා ප්‍රතිඵලය

Captureම

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න