රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමකින් යුතු විදේශීය මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
22 වනදා දහවල් 1ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත කොටහේන පොලිස් වසමේ කේ.සී.සිරිල්.සී.පෙරේරා මාවත ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇති අතර මෙම විදේශ මත්පැන් තොගය අතර ෂැම්පේන් සහ වයින් බෝතල් 15,431 ක් තිබි ඇති බවද වාර්තා වෙයි.
ආර්.ඒ.ද මාවත, කොළඹ 3 ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු 44 වියේ පසුවන්නෙකු වන අතර ඔහුව මේ වන විට පොලිස් ඇප මත මුදා හැර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
