මම අගමැති ධූරය අත්හැර නෑ ; මහින්දගෙන් නිවේදනයක් !

මම අගමැති ධූරය අත්හැර නෑ ; මහින්දගෙන් නිවේදනයක් !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත්වන බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලාවල දින කිහිපයක් පුරා සහ අද දිනයේද පැතිර යන මෙම ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නැතැයි එම නිවේදනයේ සඳහන් වෙයි.

ජනතාව නොමඟ යවමින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වුවත් සමාජ මාධ්‍ය වළ පළවූයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරය ගැනීමට උත්සාහ කරන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න