රිවර්ස් වෙච්ච අලුත්ම ගැසට් එක මෙන්න !

රිවර්ස් වෙච්ච අලුත්ම ගැසට් එක මෙන්න !

අසභ්‍ය ප්‍රකාශ තහනම් කිරීමේ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරිමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා උපදෙස් දුන් බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් පී.කේ. මායදුන්නේ පවසයි .

මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ බාල වයස්කරුවන්ගේ ආරක්ෂාව සඳහාත් හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහාත් මිස භාෂණයේ නිදහස සීමා කිරිමට නොවන බවද ලේකම්වරයා සඳහන් කරයි.

මෙම නීතිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් දැක්වූ බවත් එම නීතිය සම්පාදනයේදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශය අයිතිය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත් ඔවුන් පෙන්වා දුන් බව ලේකම්වරයා සඳහන් කරයි.

එම යෝජනාව සැලකිල්ලට ගනිමින් විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන කරුණු පිළිබඳවද අවධානය යොමුකරමින් සංශෝධිත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා තමන්ට උපදෙස් දි ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න