අතුරුදහවුවන් සම්බන්ධ කොමිසමට ජිනීවා හිදී පැසසුම්

අතුරුදහවුවන් සම්බන්ධ කොමිසමට ජිනීවා හිදී පැසසුම්

මෙරට සංහිඳියා ක්‍රියාවලිය සහ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් විසින් සකස් කරන ලද යාවත්කාලීන වාර්තාව ඊයේ (21) ජිනීවා හී පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සියලට ඉදිරිපත් කර තිබේ.

එහිදී පශ්චාත් යුද සමයේ මෙරට සංහිඳියා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග රැසක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුකර ඇති අතර අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත්කිරීමේ ක්‍රියාවලිය එම වාර්තාව මගින් පැසසුමට ලක් කර තිබේ.

තවද ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙන්ම පසුගිය දා මහනුවර ඇති වූ සිද්ධිය පිළිබඳව ද අවධානය යොමුව ඇත.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් විසින් ලංකාව සම්බන්ධව ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සඳහන් කර ඇත්තේ සියලු පුරවැසියන්ට සාමකාමි, ස්ථාවර හා සංහිඳියාවෙන් යුක්ත රටක් ගොඩනැගීමට රජය කැපවී සිටින බවය.

එසේම සංහිඳියාවෙන් පිරුණු රටක් ගොඩනැගීමට ජනතාවට දුන් ප්‍රතිඥාව වළක්වාලීමට කිසිවෙකුටත් නොහැකි බව ත් රජය, ඒ සඳහා අවංකභාවයෙන් යුතුව කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න